Tuesday, 9 July 2019

බෞද්ධ විවාහ උත්සව තුළ ඇති අන්තර් සංස්කෘතික ලක්‍ෂණ


අන්තර් සංස්කෘතිය යනු
සමාජයේ සංස්කෘතික ස්වභාවය පිළිබද අවධානය යොමු කිරිමේ දි භාෂා රටාව, ඇදහිලි, විශ්වාස, සිරිත් විරිත් මෙන් ම ඇදුම් පැලදුම් වල වෙනස්කම් ද සිදු වී ඇත්තේ පවතින සමාජයට අනුකරණ විමක් ලෙසය. මේ අනුව අපගේ සියලු ක්‍රියාකාරකම් හා සිතුම් පැතුම් සංස්කෘතිය මත තීරණය කෙරේ. පුද්ගලයකු වශයෙන් උපතේ සිට මරණය දක්වා අපි හැසිරෙන්නේ එකිනෙකාට උරුම වු සංස්කාතියකට අනුවය. සංස්කෘතිය තුළින් ගොඩනැගුණු අන්තර් සංස්කෘතිය වනාහි අද ලොව පුරා විහිද යන්නකි. විවිධ සංස්කෘතින් අධ්‍යනය තුළින් හා ලබා ගත් අත්දැකිම් තුලින් තවත් දේවල් ඉදිරිපත් කිරිමයි. මෙහිදි තම සංස්කෘතියට ගැලපෙන පරිදි විවිධ සංස්කෘතිකාංග හරහා තම සංස්කෘතිය පෝෂණය කර ගැනිමයි. මේ සදහා උදාහරණයක් ලෙස,
  •  ලංකීය ජනතාවට ඉන්දියානු ඇදුම් පැලදුම් විලාසිතා වලට හැඩ ගැසිම.
  • ජෝ‍යතිෂ ලග්න බටහිර ඉන්දියාව තුළ භාවිතා වීම.
  • ගමකට ගොස් ගමෙන් ලබාගත් අත්දැකිම් හරහා එහි සංස්කෘතිය භාවිතයෙන් නගරයට පැමිණ තම සංස්කෘතිකාංග යොදා ගෙන තමාට අවේණික සංස්කෘතිය පෝෂණය කර ගැනීම.
මෙම අන්තර් සංස්කෘතිය බිහි වීමට දෙවන ලෝක යුද්ධයෙන් පසු කාලය බලපා ඇත. ගෝලියකරණයේ ප්‍රතිඵලයක් මත ලොව පුරා අන්තර් සංස්කෘතියට මිනිසා ක්‍රමයෙන් හැඩ ගැසිමක් දක්නට ලැබි ඇත. එකි හැඩගැසිම තුළ ලාංකිය ජනතාව තමන්ට ආවේණික සංස්කෘතික ගති ලක්‍ෂණයන්ගේ ඔබ්බට යමින් අන්‍ය සංස්කෘතික ලක්‍ෂණ තම ජිවිතවලට ආදා ගන්නට විය. ඒ අනුව භාෂාව, ඇදුම් පැලදුම්, සිරිත් විරිත්, ඇදහිලි තුළ දක්නට ලැබුණේ අන්තර් සංස්කෘතික ලක්‍ෂණයන් ය. ඉන් ඔබ්බට ගිය නිර්මාණකරුවා ද නව නිර්මාණකරණය තුළින් අන්තර් සංස්කෘතිය හුවා දැක්වීමට මහත් වෙහෙසක් දැරිය. ඒ ඔස්සේ ගීතයට, නර්තනයට, සිනමාවට ආදි බොහෝ කලා ක්‍ෂේත්‍රයන්ට අන්තර් සංස්කෘතික ලක්‍ෂණ අන්තර්ගත කිරිම දැක ගත හැකි විය. විශේෂයෙන් ම ලාංකිය ජනතාව තම සංස්කෘතික හැඩගැසුණේ දකුණ ඉන්දියාවේ සංස්කෘතික ලක්‍ෂණයන් අනුකරණය කරමිනි. එදා සිට අද පවත්නා දෙස බලන කල්හි එය මනාව තහවුරු වේ. 

බෞද්ධ විවාහ උත්සවය තුළ ඇති අන්තර් සංස්කෘතික ලක්‍ෂණ : 

පවුල යන සංකල්පයට නෛතික පදනම හදන විවාහය බෞද්ධයාගේ දෙවන උපත ලෙස සලකනු ලබයි. විශේෂයෙන් මානව සංහතිය උදෙසා අවශ්‍ය ප්‍රජාව බ්හි කරන නෛතික පදනම හිමිවන්නේ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ව්වාහ සංස්ථාවට ඇතුළත් විමෙනි. සිංහල බෞද්ධ විවාහයක් ගතහොත් එයට ආවේණික
වු වෙන වෙනම චාරිත්‍ර වාරිත්‍ර පෙළක් ම ඇත. විවිධ වු සංස්කෘතින් ආරම්භ විමත් සමග වර්තමානයේ සමිප්‍රදායෙන් මිදුණු මංගල උත්සව අපට දැක ගත හැක. විවාහයක් තුළ දි වැදගත් අවස්ථාවක් වනුයේ මංගල පෝරුවේ චාරිත්‍රය. මහා සම්මත රජ කාලේ ඉදලා පැවතගෙන එන බව සම්මත රජුගේ හා මැණික්පාල කුමරිය අතර සිද්ධ වුණු විවාහ මංගල්‍යය දස්කම් දිව්‍ය රාජයා විසින් කරපු නර්මාණයකි. එසේ ම සිද්ධාර්ථ කුමාරයා හා යශෝදරා කුමාරියගේ විවාහයේ දි ද මංගල පෝරුව භාවිතා කළ ඇති බවට විද්වතුන් මත පළ කරයි. හින්දු සමාජයේ විවාහය සිදු කරනුයේ මිදුලේ තනන ලද ‘පන්දලම‘ නොහොත් මණ්ඩපය තුළදිය. ඔවුන් එම මණ්ඩපයේ ප්‍රධාන කණුව වන ‘අර්ෂනිකල් ‘ කණුව අසල විසින් සකස් කරන ලද වේදිකාවක් මත මනාල යුවළගේ මුලික චාරිත්‍ර ඉටු කරනු ලබයි.




හින්දු ජනයාගේ මණ්ඩප වේදිකාවේ විකාශනයක් ලෙස ද සිංහල බෞද්ධ විවාහය තුළ මංගල පෝරුව භවිතා කර ඇත. තවද අතීතයේ මංගල පෝරුව නිර්මාණය වුයේ මංගල දවස් කිහිපයකට පෙර සුභ වේලාවක් බලා ගොක් කොළ වැනි ස්වාභාව්ක දේවල් යොදා ගනිමින් පෝරුව නිර්මාණය කරනු ලබයි. එහෙත් යුරෝපය එංගලන්තය වැනි බටහිර සංස්කෘතිය ඇති රට වල ආභාෂය සමග මෙම ස්වාභාවික අමු ද්‍රව්‍ය යොදා ගැනිම අභාවයට ගොස් කෘතිම අමු ද්‍රව්‍ය වර්තමානයේ කරලියට පැමිණ ඇත. තවද වර්තමාන ශ්‍රි ලංකාවේ ද නව විවාහ සංස්කෘතියක් ලෙස Beach Wedding යන සංකල්පය බටහිරකරණයත් (ඇමරිකාව, යුරෝපය, බි්‍රතාන්‍යය වැනි රටවල් තුළ මෙම සංස්කෘතිය) සමග නිර්මාණය වි ඇත. සම්ප්‍රදායික මංගල පෝරුව අභියෝග කරමින් නව ආරයට මංගල පෝරුව නිර්මාණය කර මංගල චාරිත්‍ර සිදු කරනු ලබයි. අතීතයේ ගෘහස්ත ව සිදු කරනු ලැබුණු ද වර්තමානයේ එළිමහනේ විවාහ කටයුතු සිදු කරනු ලබයි. විවාහයක් සිදු කිරිමේදි පළමුව සිදු කරනුයේ මංගල යුවලගේ හදහනට අනුව පොරොන්දම් ගලපා නැකැත් සෑදිම සිදු කරනුයේ ජෝ‍යතිෂය යන සාධකය මුල් කර ගනිමිනි. 

ඉන්දියාවේ බ්‍රාහ්මණයන්ගෙන් ජෝ‍යතිෂය ආරම්භ වි ඇත. දකුණු ඉන්දිය ආක්‍රමණ නිසා අප රට තුළට ජෝ‍යතිෂය යන කාරණාව අන්තර්ගත වි ඇත. මංගල පෝරුවේ දි මනමාලයා දකුණු පසින් ද, මනමාලිය වම් පසින් ද සිටිනුයේ අතීතයේ ග්‍රෝත්‍රිකයන් තම මංගල ගමනේ දි පිරිමියා දකුණු පසින් ද, ගැහැණිය වම් පසින් ද ගමන් කරන ලදි. එහි දි අභියෝගයක් ආ විට එම ගෝත්‍රික තරුණයා දකුණතින් හෙල්ල ගෙන වමතින් තම බිරිද ආරක්‍ෂා කරමින් සටන් කරයි. එම ආභාෂය ලබා ගනිමින් මංගල පෝරුවේ දි මනමාලයා දකුණු පසින් ද මනමාලිය වම් පසින් ද සිට ගනු ලබයි. ගෝත්‍රික විවාහය තුල දී මනමාලිය ගැන සිත් ඇති වෙනත් තරුණයෙකු මනමාලයා සමග සටන් කර පැහැර ගත් නිසා එයට උපක්‍රමයක් ලෙස ගෝත්‍රික යුවළ සමග මනමාලයා හා සම වයසේ වු සවි ශක්තියෙන් යුත් තරුණ මිතුරෙකු රැගෙන යනු ලබයි. මෙහිදි මනමාලිය පැහැර ගැනිමට කිසිවකු ආ විට සටන් කරන්නේ මනමාලයා නොව අමතර ආ තරුණයාය. මෙලෙස සිටි එම ගෝත්‍රික තරුණයා වර්තමානයේ දෙවැනි මනමාලයා ලෙස හැදින්වේ. තවද ගෝත්‍රික සමාජය තුළ සුන්දර තරුණියන්ට භූත බැල්ම ඇති වන බවට විශ්වාසයක් පැවැතුණි. එ නිසා මනමාලියගේ වයසේ සම හැඩැරුව ඇති තවත් තරුණියන් මනමාලිය ලෙස සුන්දර සැරසිලි කර මංගල උත්සවයට ඉදිරිපත් කරයි. එහිදි ඔවුන් විශ්වාස කරනුයේ භූතයින්ට මනමාලිය හදුනා ගැනිමට නොහැකිව දෙදෙනා දෙසට බලපෑම් නොකර බලා සිටීම පමණක් සිදු කරයි. මෙලෙස යොදා ගත් උපක්‍රමය වර්තමානයේ දෙවැනි මනමාලියන්ට හැඩ ගැන්වීම දක්වා විකාශනය වි ඇත.
පවිත්‍රතාවයේ සංකේතයක් වශයෙන් ජලය යොදා ගෙන සිදු කළ බොහෝ අවස්ථාවල ක්‍රිස්තියානි ආගම තුළ ඇති විවාහ සංස්කෘතියක් ලෙස ෂැම්පෙන්, බියර් වැනි සව්දිය පිරිමේ චාරිත්‍රයක් වශයෙන් මනාල යුවල වයින් වීදුරු කිහිපයක් එක උඩ තබා උසට වෘත්තාකාර ව තබා එහි උඩම තබා ඇති විදුරුවට වයින් බෝතලයකින් වයින් දැමිම මගින් එය පුරවා උතුරා හැලීම සිදු කරයි. මෙම සංස්කෘතිය බටහිර රට තුළ ද අන්තර්ගතය. ඉන්දියාවේ පැරණි ආගමක් වන්නේ වේද දහමයි. එම දහමට අනුව සැමියාට බිරිදගේ හිමිකම ලැබෙනුයේ මල් මාලයක් පැලදිමෙනි. එකල පැලද වු මල් මාලය අද වන විට ලංකා සමාජය තුළ තැල්ලක් සහිත චේන් පටක් පැලදීම දක්වා විකාශනය වි ඇත. අත් පැන් වැඩීම යන චාරිත්‍රය බුදුන් වහන්සේගේ කාලය තුළ දී ද අපට දිස් වන අවස්ථා වනුයේ බිමිබිසාර රජු වෙඵවනාරාමය පවරා දීම, දෙවන පෑ තිස්ස රජූ මහ මෙව්නාව පවරා දීම, වෙස්සන්තර රජු දේපළ පවරා දිම සිදු කරනු ලැබුවේ ද අත් පැන් වැඩීමෙනි. මෙය ඉපැරණි පවරා දිමේ චාරිත්‍රයකි. එලෙස බෞද්ධ විවාහය උත්සවයේ දි තම දියණිය සැමියාට පවරා දිම අත්පැන් වැඩීමෙන් සිදු කරනුයේ ඉන්දියාවේ වේද දහම නිතීයට අනුවය. 

මනමාල යුවලගේ දකුණු අතෙහි සූළගිල්ල නුලකින් ගෙටගසා අතපැන් වක් කිරිම සිදු කරයි. මෙවැනි චාරිත්‍රයන් බුරුමයේ විවාහ චාරිත්‍ර වල දි සිදු කරනු ලබයි. එහි දි මනාලයා සිය දකුණත ගෙන විශාල රීදි බදුනක බහා තබයි. මනාලියගේ යෙහෙළනියන් ඇගේ දකුණත ගෙන බදුන තුළ ඇති මනාලයාගේ අත මත තබයි. ඉක්බිති මනාලයා තමාගේ පිටි අල්ල මත වු මනාලියගේ අත පෙරළා ඒ මත තම සුරත තබා තද කරනු ලබයි. යහලු කාන්තාවන් අත් දෙක භාජනයෙන් ගෙන අනික් රීදි බදුනකින් රෝස පැහැති පටියකින් බලය මුලික කරගත් රීදි කෙණ්ඩියකින් සුවඳ පැන් දෙඅත් වලට වත් කරමින් මංගල ස්තෝත්‍ර හා ආශිර්වාදාත්මක වචන හඩ නගා කියයි. මංගල පෝරුවේ කටයුතු අවසන් වී පසු මංගල භෝජනය ගැනිම සිදු කරයි. අතීතයේ විශේෂයෙන් ම උඩරට පළාත්වල මංගල භෝජනය රස වින්දේ නිවසේ බිම එළා ගත් පැදුරු වල වාඩි වෙමින්ය. මනාලයා සහ මනාලිය මෙහිදි එක බදුනේ ආහාර ගනි. මංගල භේාජන සංග්‍රහය අවස්ථා 04 කින් යුක්ත විය. එනම්,
  • ලාදර බත: මගුල් ගෙදරට උදව් පදව් කළ නැදැයන් වෙනුවෙන් දෙනු ලබයි.
  • ආදර බත: මංගල භෝජනයයි.
  • කෑදර බත: මගුල් ගෙදරට වෙහෙස මහන්සි වු නැදැ හිතවතුන් වෙනුවෙන් දෙනු ලබයි.
  • යෝදර බත: පසු දා මනමාලයා විසින් දෙන විශේෂ බතයි.
මෙම තත්වය වෙනස් වී වර්තමානයේ දි මේස පුටු සැරසිලි කරන ලද “මගුල් මඩුවක්” හෝ “හෝටලයක් දක්වා වර්ධනය වි ඇත. අප රටේ ඉංග්‍රීසි පාලනය සමග නිර්මාණය වු විවිධ ආහාර හා ව්‍යංජන සහිත හැදි ගැරුප්පු සමගින් බුෆේ ලෙස ආහාර පිළිගැන් වන ක්‍රමයක් විවාහ මංගල උත්සව වල නිර්මාණය වි ඇත.
කතෝලික ආගම තුළින් පැවත එන්නක් ලෙස මත් පැන් බොන අයට වර්තමානයේ වෙනමම ස්ථානයක් බිහි වි ඇත. මනමාල යුවල අතීතයේ මධු සමයට පිටවීමක් දැක ගැනිමට නොතිබුණු අතර මනාලයාගේ නිවසට පෙරහැරකින් එකල මනමාලිය රැගෙන යාම සිදු කර ඇත. නමුත් වර්තමානයේ මනාල යුවල එදින උදැසන අදින ලද ඇදුම් මාරු කර වෙනත් ඇදුමකින් සැරසි රිබන්, මල් වලින් සරසන ලද වාහනයකින් හෝටලයක් කරා මධු සමය ගත කිරිමට පිටත්ව යයි. මනාල යුවල උදය වරුවේ උඩරට ඇදුමින් සැරසේ. මනමාලිය සුදු හෝ ඇත් දළ පාටින් යුත් ඔසරියකින් ද, මනමාලයා නිලමේ ඇදුමින් ද සැරසේ. නමුත් මධු සමය ගත කිරිමට මනමාලයා ඉන්දියානු සංස්කෘතියෙන් පැවත එන ශෝලයක් දැමු කුරුතා ඇදුම් කට්ටලයකින් හෝ බි්‍රතාන්‍ය රාජකීය ඇදුමට සමාන ඇදුමකින් සැරසේ. මනමාලිය ද එම ඉන්දියානු සංස්කෘතින්ට ද අනුව ලෙහෙගියක්, ගුජරාටියක් හෝ බි්‍රතාන්‍ය සංස්කෘතියට අනුව රතු ගවුමකින් සැරසි මධුසමය ගත කිරිමට බෞද්ධ විවාහ තුළ ඇත.
එංගලන්ත විවාහ චාරිත්‍ර වල දි වික්ටෝරියා මහේසිකාව රාජ්‍ය විචාරණ සමයෙහි ඉංග්‍රිසි මනාලියන්ට යුද ඇදුම නියම විය. එම නියමය කාන්තාවන්ගේ බලවත්කමත් පතිවතත් පිළිබිඔු විය. මෙලෙස සම්ප්‍රේෂණය වු
චාරිත්‍රයක් ලෙස සිංහල විවාහය තුළ දි බොහෝ අවස්ථවලදි මධු සමය ගත කිරිමට එම ඇදුමින් සැරසි යයි.
එසේම අතිතයේ විවාහය නීතියෙන් සම්මත නොකළ අතර ලන්දේසි ආක්‍රමණයෙන් පසු ඇරඔුණු විවාහ සහතික කිරිම අද දක්වාම දක්නට ඇත. රෝම ශිෂ්ටාචාරය තුළ විවාහ අවස්ථාවේ යුවලට කුඩා ගල් කැට කැබිලි වලින් ගැසීම සිදු කරයි. එය ලංකාවේ විවාහ උත්සව වල පොරි ඉසිම මේ හා සමානය. පුරාණ සිංහල සමාජ විවාහ ක්‍රම කිහිපයක් තිබුණි.
  • දිග විවාහය
  • බින්න විවාහය
  • බහු පුරුෂ විවාහය
  • බහු භාර්යා විවාහය
  • නෑනා මස්සිනා විවාහය
  • එකගෙයි කෑම
දිග විවාහය යනු ස්ත්‍රී සරණ පවා දීම හෙවත් ස්වාමි පුරුෂයාගේ නිවසට බිරිය කැදවා ගෙන යාම. බින්න විවාහය යනු පුරුෂයා බිරියගේ නිවසට ගොස් ජිවත් විමයි. බහු භාර්යා විවාහය අතීතයේ අප රට තුළ ද පැවැති අතර මෙම විවාහ ක්‍රමය බොහෝ විට සිදු වුයේ මුස්ලිම්වරු අතරය. එසේම අප්‍රිකාව, මැද පෙරදිග වැනි රටවල ද බහු භාර්යා විවාහය සිදු විය. ධනවත් පුරුෂයෝ තමන් සතු ධනවත් කමේ තරම ඔහු අයත් බිරියන්ගේ සංඛ්‍යාවෙන් කියාපායි. අතීතයේ රජවරුන්ට ද මෙලෙස බහු භාර්යා විවාහ සංස්කෘතියක් පැවැති අතර එය අන්ත:පුරය ලෙස හදුන්වන ලදි. දැවැද්ද යන සංකල්පය ඉන්දියාවේ හින්දු ජන සමාජයෙන් මෙරටට පැමිණි සංකල්පයකි. මෙහි දි මනාලිය විසින් මනාල පාර්ශවයට දැවැද්ද ගෙන යනු ලබයි. මනමාලියගේ පිරිස මනමාලියගේ ගෙදර මායිම ළගට පැමිණි විට මනමාලියගේ ඇවැස්ස මස්සිනා කෙනෙක් මායිම වෙත ගොස් කඩුලු තහංචියක් නොකරන්නේ නම් හෙතම ගෙදර මායිම වෙත සිටින ඥාති පිරිස බුලත් අතක් දි පිළිගනි. අවැස්ස මස්සිනා තම නෑනා අයිතිකර ගැනිමට අයිතියක් තිබේ. බුලත් අතක් දි පිළිගැනිමෙන් අදහස් කරන්නේ තම අයිතිය ආහාර නෑනාට කැමැති දිගයක යාමට අවසර දිමය. 

මෙම නෑනා මස්සිනා විවාහය ඉන්දිය රටවල හින්දු ජනයා අතර ප්‍රසිද්ධ වන අතර අතීතයේ මංගල උත්සව අවස්ථාවල දි තහංචි පැනවිම සිදු කරන ලදි. මෙම චාරිත්‍රය ඉන්දුනිසියානුවන් අතර එහිදි ඔවුන් කථාවෙන් කරන සටනකි. ප්‍රථමයෙන් මනාලියගේ නිවසේ දොරකඩට පිවිසියේය. ඥාතින් අතරෙන් කෙනෙක් කථාවක් පවත්වයි. මනමාලයාගේ පක්‍ෂයෙන් ද ඊට පිළිතුරු කථා ඉදිරිපත් කරයි. මෙලෙස ලාංකිය ඉතිහාසය තුළ සමාජයේ මනාලියගේ පක්‍ෂයේ යම් කිසිවෙක් පැමිණ කඩුලු තහංචිය පනවයි. මෙලෙස පැන වු කඩුලු තහංචි වලට අමතරව,
  • පාවඩ තහංචිය
  • බුලත් හෙප්පු තහංචිය
  • පෝරු තහංචිය ලෙස වර්ග කර ඇත.
නෑනා මස්සිනා විවාහය ඉන්දිය අභාෂයෙන් අපට ලැබුණකි. නෑකමින් නෑනා-මස්සිනා වු අය අතර විවාහය අවැස්ස විවාහය නම් වේ. මංගල යුවලට සෞභාග්‍ය උදා කිරිම සදහා ඉන්දියානු සාහිත්‍යයේ යුවතිපති දෙදෙනා නිවසින් පිටත් වන මෙහොතෙහි ධාන්‍ය වර්ග ඉසිම චාරිත්‍රයක් වශයෙන් මොවුන් අතර පවති. මෙලෙස ලාංකිය සමාජයේ මංගල පෝරුවේ ඇතිරිල්ල මත ධාන්‍ය අතුරා යුවලගේ යටි පතුල් ස්පර්ශ වීමට සලස්වා ඔවුන්ගේ ජිවිතයට සෞභාග්‍යය උදා කරයි. මුදු පැළදිමත් නොයෙක් ජාතීන් අතර ප්‍රචලිත පැවැති චාරිත්‍රයක් ලෙස සැලකිය හැකිය. එහෙත් මුද්ද ගැන මුලින් ම සදහන් වන්නේ මිසර සාහිත්‍යයේය. හිබෘ, යුදෙව්, රෝමා දි ජාතින් රන් රීදි යකඩ ආදි ලෝහ වර්ග මුදු සෑදිම සදහා උපයෝගි කර ගන්නා ලදි. එම රටවල් තුළින් පැවත එන්නක් ලෙස ලාංකිය විවාහ මංගල උත්සවය තුළ දි මුදු පැලදිම අනිවාර්ය චාරිත්‍රයකි.

ලංකාවේ සමහර ප්‍රදේශ තුළ විවාහයක් ලං වු විට එම අරමුණ කොට සංඝරත්නය ගෙදරට වැඩමවා දන්දිම ආදි ආගමික චාරිත්‍ර විධි පවති. එසේම මෙලෙස තායිලන්තයේ ද සංඝරත්නය ගෙදරට වැඩමවා දන්දිමේ පිරිත් කියවා ගැනිම ආදි චාරිත්‍ර විධි පවත්වයි. දුරාතීයේ සිට මනාලයට සහය විම පිණිස සහකාරයකු සිටි බව නොයෙක් තොරතුරුවලින් හෙළිවෙයි. එකල සම්මත විවාහ චාරිත්‍රය බලහත්කාරයෙන් පැහැර ගෙන යාමයි. මේ චාරිත්‍රය ග්‍රිසියේ මෙන් ම බොර්නියාවේ ක්‍රියාත්මක වි ඇත.“කිකියු” ගෝත්‍රික මනාලියෝ විවාහ වන දිනයෙහි ඊට අකමැති බව පවසමින් හඩා වැලපෙති. මෙම අවස්ථාව ලංකිකයන් අතර ද මේ ඇඩිමේ සිරිත ඇත. ලාංකික මනාලියෝ මව්පියන්ගේ වෙන් වන අවස්ථා වෙහි ප්‍රියවිප්‍රයෝග දුක්ඛ්‍ය ප්‍රකාශ කිරිම ලෙස කදුලු සලති. මෙලෙස බෞද්ධ විවාහයන් තුළ ඇති චාරිත්‍ර වාරිත්‍ර අතීතයේ තිබු චාරිත්‍ර වාරිත්‍ර වලට වඩා වෙනස් වි ඇති අතර විවිධ වු සම්ප්‍රදායන් මිශ්‍ර වි නව විවාහ සංස්කෘතින් බිහි වි ඇත.

ආශ්‍රිත ග්‍රන්ථ
පඤා්ඤාාතිස්ස හිමි , බැලුම්මහර , චාරිත්‍ර වාරිත්‍ර චක්‍රය , සමයවර්ධන , කොළඔ (1992)
www.google.lk

No comments:

Post a Comment

My Photo Design