Sunday, 28 July 2019

සමාජ විද්‍යා ක්‍ෂේත්‍රයට හා මානව විද්‍යාවට අනුපමේය සේවයක් සිදු කළ මයිසූර් නරසිම්ආචාර් ශ්‍රී නිවාස්.....


          

             මයිසූර් නරසිම්ආචාර් ශ්‍රී නිවාස් යනු ඉන්දියාවේ සමාජ විද්‍යා ක්‍ෂේත්‍රයට හා මානව විද්‍යාවට අනුපමේය සේවයක් සිදු කොට දිදුලන නාමයක් රඳවාගත්තෙකි. ඔහු 1916 නොවැම්බර් 16 වන දින කර්ණාටක ප්‍රාන්තයේ Mysore ප්‍රදේශයේ බ්‍රාහ්මිය පවුලක උපත ලැබීය. ඔහුගේ කිර්තිය, පොත්පත් හා ලේඛන මගින් අන් රටවලට ද ගලා ගියේය. හෙතෙම 1930 ගණන්වල මැදභාගයේ මයිසූර් විශ්වවිද්‍යාලයේ හා බොම්බාය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකු විය. ආචාර්ය උපාධිය දිනා ගත්තේය. හෙතෙම ප්‍රකට සමාජ විද්‍යාඥයෙකු වන ශුරින්ගේ ගෝලයෙක් විය. හෙතෙම ඉක්බිතිම ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ D.Phil උපාධිය ලබා ගත්තේය. ක්‍රේම්බිරිජ් විශ්වවිද්‍යාලයට ගොස් ප්‍රකට මානව විද්‍යාඥයන් වන රැඩිකල්ලිෆ් බ්‍රවුන් හා ඉවන්ස් ප්‍රිචාර්ඞ්ගේ ගෝලයෙකු වීමට ද වාසනාව ලැබීය. Oxford විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව සමාජ විද්‍යා මහාචාර්යයවරයෙකු ලෙස Maharaja Sayajiro University – Baroda – හිද Delhi විශ්වවිද්‍යාලයේ ද කටයුතු කර ඇත. එපමණක් නොව සමාජ විද්‍යා ජ්‍යෙෂ්ට සහකාරවරයෙකු ලෙස බැංගලෝර්යේ Institute for social and Economic change ආයතනයේ සහ J.R.D. Tata ආගන්තුක මහාචාර්යයවරයෙකු ලෙස බැංගලෝර්යේ ජාතික අසස් අධ්‍යාපන ආයතනයේ කටයුතු කර ඇත. ඔහු Baroda හි Ms විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශය පිහිටුවීමට දායක විය. ඔහු දිල්ලි විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයක් පිහිටුවීමට ද දායකත්වයක් ලබාදෙන්නට විය.
      ඉන්දීය සමාජයට මෙන්ම මුඑ මහත් සමාජයටම සේවයක් සිදු කළ ශ්‍රී නිවාස් 1999 වර්ෂයේ නොවැම්බර් 30 වැනි දින මරණයට පත් විය. ඔහු ජීවිතයෙන් සමු ගැනීම ඉන්දීය සමාජ ශාස්ත්‍රවලට විශාල පාඩුවක් විය. ඉන්දියාවේ එතෙක් මෙතෙක් පහළ වූ විශිෂ්ඨතම සමාජ විද්‍යාඥයා ඔහු වන අතර ඔහුගේ ස්ථානය නැවත පිරවිය හැකි ද යන්න ගැටලුවකි. බටහිර රටවල මානව විද්‍යාඥයින් හා සමාජ විද්‍යාඥයින් අතර ද කීර්තියක් ලබා ඇති පඬිවරයෙක් ලෙස ශ්‍රී නිවාස් සඳහන් කළ හැක. ඔහු විසින් සමාජ විද්‍යා විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සිදු කර ඇති පර්යේෂණයන් අතර පහතින් සඳහන් වන අවස්ථා තුළින් ශ්‍රී නිවාස් ග්‍රාමීය සමාජය තම අධ්‍යනයන් සඳහා යොදාගත් අයුරු පැහැදිලි වේ. ශ්‍රී නිවාස් කුලය පිළිබඳව ද විවිධ අදහස් දක්වා තිබේ. ඉන්දියානු ගැමි සමාජ අධ්‍යයනය කරමින් ශ්‍රිනිවාස් දක්වන්නේ , ’‘හැම ගමක සංඛ්‍යාව වශයෙන් ප්‍රධාන තැනක් ගන්නා බලවත් ප්‍රබල කුලයක් දක්නට තිබෙන බවයි.”
                 01. තම කුලයේ අය සමඟ පමණක් විවාහ වීම
                 02. මෙම සාමාජිකයන් සාමාය රැකියාවල නිරතවීම
                 03. සමාජ ඒකකයක් හා ශාන්තිකර්ම පුදපුජෘ මත ජීවත් වීම.
                 04. මෙම සාමාජිකයන් සංස්කෘතියේ සාමාන්‍යය කොටස්කරුවන් වීම
යන ආදී දෘෂ්ටින් කුලය තුළ පවතින බව ශ්‍රිනිවාස් දක්වයි.
        ශ්‍රීනිවාස් විසින් න්‍යායාත්මක හා විධික්‍රම පිළිබඳ පර්යාව ලෝකනය පිළිබඳව අදහස් දක්වා තිබේ. ශ්‍රී නිවාස් ක්‍ෂුද්‍ර මානව විද්‍යාත්මක විනිවිද දක්නා නුවණතමය ක්‍ෂුද්‍ර සමාජ විද්‍යාත්මක සාමාන්‍යකරණයන් සාම්ප්‍රදායික මුලික කාරණාවන් මත අවබෝධ කරගත්තේය. එයට අමතරව කුඩා පරිමාණ ජන මානව විද්‍යාත්මක පර්යේෂණවලට අවශ්‍යය. පර්යාවලෝකනය ලබාදෙයි යන්න ඔහුගේ අදහස විය. බටහිර ග්‍රන්ථයන්ගෙන් හෝ ස්වදේශීය ග්‍රන්ථයන්ගේ පදනම ලබානොගත් ඔහු ඒ සඳහා ග්‍රාමී්‍ය ජනතාව තෝරාගත් අතර අධ්‍යනවල අත්දැකීම් මතම පදනම් විය. Srinivas 1940 - 1942 අතර කාලයේ දී Coorgs පිළිබඳ ක්‍ෂේත්‍ර අධ්‍යයනයක් සිදුකර ඇත. ඔහුගේ එම අධ්‍යයනයන් වලදි ඔහුගේ මතවාදයන් විග්‍රහ කරමින් චාරිත්‍ර ක්‍රමය හා සම්බන්ධ අන්තර් ක්‍රියාවන් Coorgs කුලයන් තුල වෙනස්වන ආකාරයත් ප්‍රධාන වශයෙන් බ්‍රාහ්මියන් (පූජකයන්) Kaniyas (දෛවඥයන් සහ අභිචාරිකාවන් ) Bannas and Panikas (පහත් කුලයන්) වශයෙන් හදුනාගත හැකිය. Rampura  අධ්‍යයනයන් තුළින් ඔහු පෙන්වා දුන්නේ ගමේ පවතින්නා වූ බහුතර කුලයන් අන්‍යෝන්‍ය පරායත්තතාවයකින් යුක්ත බවයි. 
      
          Sriniras කුලය , ආගම පිළිබඳ අධ්‍යයනයක් සිදුකළ අතර ඒ තුළ ඔවුන්ගේ ග්‍රාමීය පසුබිම තුළ කුල ක්‍රමයේ ආකෘතිමය කෘත්‍යාත්මක වැදගත්කම පමණක් නොව ගති විඥානයද ඉස්මතු විය. ශ්‍රිනාවාස් සමාජ විද්‍යාවට අලුත් සංකල්ප කිහිපයක් ඉදිරිපත් කළේය. ඒ අතර සංස්කෘත්‍යායතනය (Sanskritization) බටහිරකරණය (Westernization) ඓහිකරණය (sechlariation) හා ප්‍රධාන කුලකය (Dominate cast) පිළිබඳ සංකල්පය ඉතා වැදගත් ය. විශේෂයෙන් මොහු ඉන්දියානු සමාජයේ බලපෑම බටහිරකරණය සමාජ ව්‍යුහයට බලපෑ සැටි සවිස්තරව විග්‍රහ කරයි. අමතරව 1960 දි ඔහු ග්‍රාමීය සමාජයේ අකෘතිමය වෙනස්වීම් පිළිබඳ මෙතෙක් හඳුනාගත් අධ්‍යයනයන්ගේ ප්‍රතිඵල ඉදිරිපත් කර අතර 1940 දී ලියන ලද සඟරාවේ දෙමළ සහ තෙලිගු ජන ගී ද ඇතුලත් විය.
ශ්‍රී නිවාස් විසින් රචිත ග්‍රන්ථ
    
        ඉන්දියානු සමාජය හා සංස්කෘතිය පිළිබඳව නොයෙකුත් දාර්ශනික චින්තනයෙන් මොහු අදහස් දක්වා ඇත. ඔහු වඩාත් ආගම, ග්‍රාමීය සන්නිවේදනය, කුලය සමාජ වෙනස්වීම පිළිබඳ අදහස් දක්වා ඇත. ඔහු රචනා කළ ග්‍රන්ථ අතර, පහතින් සඳහන් ග්‍රන්ථ වැදගත් වේ.
  • නූතන ඉන්දියාවේ සමාජ විපර්යාසය
  • මයිසෝර්භි විවාහය හා පවුල (1942)
  • Village, Cagt, gender and Method :1998*
  • මතකයට එන ඉන්දියාව
  • තුර්ග්වරුන් අතර ආගම හා සමාජය (1952)
  • නූතන ඉන්දියාවේ කුලභේදය (1962)
  • සමාජ වෙනස්වීම් මාන
මීට අමතරව ඔහු ශාස්ත්‍රිය ලිපි සෑහෙන ගණනක් ලියා ඇත. බි්රතාන්‍ය විශ්ව කෝෂයට ඔහු සැපයු ‘හින්දු ආගම’ හා ඉන්දියාවේ ගැසට් පත්‍රයට සැපයූ ‘ඉන්දියාවේ සමාජ ව්‍යුහය’ ඉන් සුවිශේෂී වේ.

My Photo Design